යුගයේ ආදරණීයම ගායකයකු වන දිමංක වෙල්ලාලගේ ගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Gallery

ගීත ගායකයකු ලෙස කලා ලොවේ කාගෙත් ආදරය දිනා ගත් දක්ෂ ගායකයෙක් තමයි දිමංක වෙල්ලාලගේ කියන්නේ. මෑතකදී බිහි වූ දක්ෂ ගායකයෙක් නිසාම හා විරහා ගීත ගායනයට ඇති හැකියාව නිසාම ඔහු ගොඩක් ජනප්‍රිය කෙනෙක් වෙනවා. බොහෝ තරුණ තරුණියන් පිරිසක් ආදරය කරනු ලබන ඔහු යූගයේ සිටින දක්ෂ මෙන්ම සාර්තකම ගායන ශිල්පියෙක් ලෙස හඳුන්වන්න පුලුවන්. ඔහුගේ සෑම ගීතයක්ම ඉතා ඉක්මනින් ජනප්‍රිය වන්නේ ඔහුගේ කටහඬේ ඇති ආකර්ශනීය බව නිසාමයි. ඔහුගේ විරහා ගීත පමණක් නොව වෙනස්ම ආරයකට ගැයූ කියඹු ලතාවේ ගීතයද ගොඩක් ජනප්‍රියත්වයට පත් වුනා. ඔහු ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ගැයූ ගීතද අද වන තුරුත් ගොඩක් ජනප්‍රියයි. එම ගීත අද වන විටත් රසවින්දනයකින් යුතුව අහන රසික පිරිසක් ඔහු සතු වනවා. ඔහු හරිම නිහතමානි මෙන්ම ගොඩක් දක්ෂ කලාකරුවෙක්.

1.

2.

3.

ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නට ප්‍රතම නාවික හමුදාවේ සිටි නාවික සෙබළෙකි. ඔහු පාසල් සමයේ සිටම ගීත ගායනයට දක්ෂ වන අතර පාසලේ සෞන්දර්ය විශය විදියට හදාරා ඇත්තේද සංගීතයයි. තබ්ලා වාදකයෙකු ලෙසද පාසල් සමයේ කටයුතු කර ඇත. ඔහු උසස්පෙලට කර ඇත්තේද කලා අංශයයි නමුත් උසස් පෙළට පෙනී සිටීමට ඔහුට හැකියාව ලැබී නැහැ. දිමංක ගායන ක්ෂේත්‍රයට පැමිණි දා සිටම අද දක්වාද පවත්වනු ලබන ප්‍රසංග වේදීකාවට නැතිවම බැරි කෙනෙක් වන්නට ඔහුට හැකි වන්නේ ඔහුගේ ඇති දක්ෂ ගායන ශිල්පය නිසාමයි.

4.

5.

කලා කරුවෙකු ජනප්‍රිය වන්නට වන්නට මුල අමතක කිරීමට ඇති ඉඩකඩ වැඩි නමුත් දිමංක ජනප්‍රිය වන්නට ප්‍රතම සිට සිටිය තම ප්‍රේම වන්තිය විවාහ කර ගැනීමට තරම් නිහතමානි වනවා. ඔහු වසර ගණනාවක සිට පෙම් කෙරු ප්‍රේම වන්තිය විවාහ කරගෙන සතුටින් හා ආදරනීයව තම පවුල් ජිවිතය ගතකරන තවත් එක් කලා කරුවෙක්. ඔහුගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *