කාගෙත් ආදරය දිනාගත් දෙවනි ඉනිමේ ධනුක හෙවත් දෙව් සුරේන්ද්‍රගේ වැඩිය දැකලා නැති ඡායාරූප කිහිපයක්

Gallery

කලා ලෝකයේ සිටින කලා කරුවන් හා රංගන ශිල්පීන් සියල්ලක්ම තම සැබෑ නමින් ජනප්‍රිය හා ප්‍රසිද්ධ වනවාට වඩා රඟ දැක්වූ චරිත වලින් ප්‍රසිද්ධිය ලබා ගන්නා අවස්තා වැඩියි. ඒ වගේ සැබෑ නමින් ජනප්‍රිය නොවී රඟ දක්වන චරිතරයක් හරහා මෙන්ම රුවින් ජනප්‍රිය වූ කෙනෙක් තමයි දේව් සුරේන්ද්‍ර කියන්නේ ඔහු දක්ෂ නලුවෙක් වගේම දක්ෂ නිවේදකයෙකුත් වනවා.

1.

2.

3.

ඔහු 2013 වර්ෂයේ සිට කලාවට සම්බන්ධ වුවද ඔහුගේ වඩාත් රසික ආදරයක් හා ජනප්‍රියත්වයක් ලබා ගන්නේ දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ධනුකගේ චරිතයයි. දෙවනි ඉනිම ටෙලි නාට්‍යය වසර කිහිපයක සිට දෙරණ ටිවී නාලිකාව හරහා ප්‍රචාරණය වනවා. මෙගා ටෙලි නාට්‍යයක් ලෙස එම ටෙලි නාට්‍යයට චරිත එකතු වනවා සේම සමහර චරිත ඉවත්වනු ලබනවා. නමුත් ධනුකද එම ටෙලි නාට්‍යයේ එක්තරා ප්‍රධාන චරිතයක් රඟ දක්වනු ලබන නිසා තවමත් එම ටෙලි නාට්‍යයේ ඔහුව දකින්න පුලුවන්. ඔහු විවිද ගීත රූප රචනා වලට මෙන්ම පුංචි තිරයේ විවිද ටෙලි නට්‍ය වල විවිද චරිත රඟ දක්වමින් ප්‍රේක්ෂක ආදරය දිනා ගනු ලබනවා. ඔහු රංගනය පිළිබඳ හැදෑරීමක් ඇතුව කලාවේ නිරත වන නිසා ඔහු හෙමින් හෙමින් දිගු ගමනක් ගමන් ගන්නා දක්ෂ මෙන්ම නිහතමානි කලාකරුවෙකු ලෙස හඳුන්වන්න පුලුවන්. හැමෝමත් සමඟ සුහදව කටයුතු කරන අත්දැකීම් සමුදායක් ඇති ඔහුගෙන් නවක කලාකරුවන්ට නොමද සහයක් ලැබෙනවලු. ඒ ඔහුගේ නිහතමානිකම නිසාමයි.

4.

5.

ඔහු රංගනය හැදෑරීමකින් කලා කටයුතු වලට නිරත වන නිසා ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ කලා ගුරුතුමා ගැන පවසන්නේ හරිම ආඩම්බරයකින් ඒ මහේන්ද්‍ර පෙරේරා කියන කලාකරුවයි. ඔහුව රුවින් බොහෝ දෙනෙකු නොදැන සිටියත් නම ඇසූ පමනින් නොදන්නා කෙනෙක් නැති නිසා ධනුක හෙවත් දේවගේ බලාපොරොත්තුවත් තම ගුරුතුමා මෙන් නම ඇසූ පමනින් මතකයේ රැඳෙන කලාකරුවකු වීමටලු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *