“නර්තනය කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕන කලාවක්.” ප්‍රශාදී රණසිංහ කියන කතාව

Beauty Gallery

කලා ලෝකයට සේවයක් සිදු කරන්නේ රංගන ශිල්පීන් පමණක් නොව ගායන ශිල්පීන් වගේම නර්තන ශිල්පීන්ද කලාවට සේවයක් සිදු කරනු ලබනවා. කලාවට ආදරය කරන ගොඩක් අය හිටියත් කලාවේ නියම අරුත තේරුම් ගන්නේ අතලොස්සක් පමණි දවසින් දවස අගාදයට යන කලාව ගොඩ නගා ගැනීමට වෙහෙසක් දරනු ලබන කලාකරුවන්ද අපේ රටේ ඉන්නවා. ඒ වගේම තමයි නර්තනයෙන් ජාත්‍යන්තරය පවා ජය ගත් කෙනෙක් තමයි ප්‍රශාදි රණසිංහ කියන්නේ. ඇය නර්තනය සිය ආත්මය කර ගත් දක්ෂ නර්තන ශිල්පිනියක් කියන්න පුලුවන්. ඇය උඩරට නර්තන සම්ප්‍රදාය පිළිබඳ කුඩ කල සිට ඉගෙන ගෙන නර්තනයෙන් විශිෂ්ට සේවාවක් සිදු කලා. ඇය අපේ රටේ මෙන්ම ජාත්‍යන්තර විවිද ප්‍රසංග වලද නර්තනයෙන් අපේ රටේ නම බැබලෙව්වා. ප්‍රශාදි කියන්නේ අපේ රටට පහළ වූ දක්ෂතම කලාකාරිනියක්. ඇය දරුවන් තිදෙනෙකුගේ පවුලේ දෙවනියයි. ඇයට වැඩිමහල් සහෝදරියක් සහා බාල සහෝදරයෙකු සිටියන අතර ඔහුගේ මවත් පියත් ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරික පවුලක් ඇයද නර්තනය හැදෑරීමෙන් පසුව පවුලේ ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධ වීමට සිට ඇති නමුත් ඇය සම්බන්ධ වූ එක්තරා ප්‍රසංගයකදී ඇයට ලැබුනු ප්‍රතිචාර නිසා ඇයගේම නර්තන කණ්ඩායමක් ඇරඹීමට ඇයට සිත් ඇති වී අතර අද වන විට ඇයගේම නර්තන කණ්ඩායමක් සිටී.

1.

2.

3.

එ වගේම තමයි ඇය රංගනයටත් ගොඩක් දක්ෂයි එකම එක නාට්‍යයක පමණක් ඇයට රංගනයට දායක වීමට අවස්තාව ලැබෙනවා. ඒ නිසාම ඇය තවත් ජනප්‍රිය වන්නටත් ප්‍රේක්ෂකයා අතර ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගන්නටත් ඇයට හැකිවනවා. නමුත් ඇය නැවත රංගනය තුළනම් අපිට දකින්න උනේ නැහැ ඇය නර්තනය නිසා අදටත් ගොඩක් ජනප්‍රියයි. නර්තනය පිළිබඳ ඇය පවසන්නේ “නර්තනය කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕන කලාවක්. ඒ කලාවට මම යොමු වන්නේ පුංචි කාලයේදීමයි. මට වයස අවුරුදු 4දී තමයි මුලින්ම නර්තනය කියන දේ ඉගෙන ගන්නේ.” ඇය නර්තනය පිළිබඳව තම හැඟීම පැවසුවේ මෙලෙසයි.

4.

5.

ඇය මේ වන විට විවාහ වී සිටින අතර ඇය විවාහයෙන් පසු තම සැමියා සමඟ විදෙස් ගත වනවා එම නිසා ඇයගේ ජනප්‍රියත්වය ඇය කෙරෙන් ගිලිහි ගියා කිව්වොත් නිවැරදි නමුත් ඇය අද වන විට නැවත ඇය ඉගෙන ගත් නර්තනය තවත් දරුවන් හට ඉගැන්වීමට පෙළඹ සිටීන අතර ඇය අද වන විට ඇයගේම නර්තන පාසලක් පවත්වාගෙන යනු ලබනවා. ඇයගේ ඉදිරි ජිව්තයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *