තරුනියන් වශී වුන අනුෂ්ක උදාන මේ දවස් වල ගෙවන ජිවීතේ

Gallery

අද වන විට සමාජයේ සමාජ මාධ්‍යජාලා තුළින් ජනප්‍රියත්වය ලබා ගත් බොහෝ දෙනෙක් ඉන්න අතර බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ගය වන්නේද මේ සමාජ මාධ්‍යජාලාවයි. ඒ වගේ සමාජ මධ්‍යජාලා හරහා කලා කාරයෙක් නොවූ කලා කාරයෙක් තමයි වස්ති අනුෂ්ක උදාන කියන්නේ. ඔහු කුඩා කල සිට කලාවට ආදරය කල කෙනෙක් ඔහු පවුල තරමට මිතුරන්ටත් ආදරය කරන නිසාම කෙතරම් කලාවට ආදරය කලත් ඔහු උසස්පෙළ සඳහා තොරා ගනු ලබන්නේ ගණිත අංශයයි. නමුත් ඔහු කලා කටයුතු වලට පාසල් සමයේදී සම්බන්ධ වී ඇත. සංගීත කටයුතු සඳහාත් රංගන කටයුතු සඳහාත් ඔහු කලාවට සම්බන්ධ වී ඇත. ඔහු ඔහුට කලාකරුවෙකු යැයි පවසනවාට වඩා යූ ටියුබර් කෙනෙක් කියනවට තමයිලු කැමති.

1.

2.

3.

ඔහු බොහොම දුෂ්කර ජිවිතයක් ගත කර ඇති අතර අද වන විට ඔහුගේ මහන්සියේ මල්ඵල ගැන්වී ඇත. ඔහු කටුක ජිවිත ගත කර කාලේයේදී මුදල් සෙවීම සඳයා රැකියාවන් කිහිපයක් කර ඇති අතර ඔහු විදේශ ගතවී ද රැකියාවක් කර ඇත. නමුත් ලංකාවට පැමිණ ඔහු ගීත කිහිපයක් එකට එකතු කර ඔහුගේම විදියට ගීතයක් ගායනා කර ෆේස්බුක් සමාජමාධ්‍ය ජාලාව තුල සමාජගත කර ඇති අතර එයට බොහෝ ප්‍රතිචාරත් නැරඹු පිරිසත් බොහෝ සිට ඇත පසුව ඔහුගේම යූ ටියුබ් නාලිකාවක් පටන් ගැනීමට සිතා ඇත්තේ එසේයි. එසේ ආරම්භ කල ඔහු අද වන විට යූ ටියුබ් නාලිකාවක බොහොම අඩු කාලයක් තුළ නැරඹුම් වැඩිම පිරිසක් සතු යූ ටියුබ් නාලිකාවද ඔහු සතු වනවා.

4.

 

5.

අද වන විට වස්ති නමින් ඔහුගේම ආයතනයක් ඔහු සතු වන අතර එම ආයතනය හට සේවකයන් පිරිසක්ද සිටිනවා. අද ඔහුගේ යටතේ වැඩ කරනු ලබන සේවකයන් සිටින තැනට ඔහු පත්වී සිටින්නේ ඔහුගේ මහන්සියේ මෙන්ම කැපවීමේ පිටුපස ඇති සාර්තකත්වයයි. ඒ වගේම ආදරය ගැනද ඔහු කතා කරනු ලබනවා. ඔහු ආදරයෙන් පැරදි සිටින නිසා ඔහු පවසන්නේ දැන්ම විවාහයක් ගැන සිතා නැති බවයි. ඉදිරියේදී ඔහු ඔහුගේම චිත්‍ර පටයක් රූප ගත කිරීමටත් බලාපොරොත්තුව වන බව පවසා තිබුනා. ඔහුගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *