තරුණියන් වශී වුන දෙවනි ඉනීමේ රදීෂ් හෙවත් ඉෂාර මදුෂාන් මේ දිනවල ගෙවන ජිවිතේ

Gallery

ශ්‍රී ලාංකේය ටෙලි විශන් කලාවේ කාලෙන් කාලෙට විවිද රියලිටි තරඟ පැවැත්වෙන අතර අපේ රටේ අවුරුදු කාලෙදී පවත්වනු ලබන ජන ක්‍රීඩාවක් ලෙස අවුරුදු කුමරා කුමරි තරඟය හඳුන් වන්න පුලුවන්. එම තරඟය අද වන විට විවිද ටිවී නාලිකා ඔස්සේ පවත්වනු ලබන තවත් එක තරඟාකාරි තරඟයක් ලෙස හඳුන් වන්න පුලුවන්. එම තරඟයෙන් තේරි පත්වනු ලබන හා ජයග්‍රහණයන් ලබා ගන්නා කුමර කුමරියන් හට කලා ලෝකයේ මංපෙත් විවර කර දෙන්න එම නාලිකා විසින්ම සිදු කරනු ලබනවා. එසේ එම තරඟයකට පැමිණ ජිවිතයම වෙනස් කර ගත් කෙනෙක් තමයි ඉෂාර මදුෂාන් කියන්නේ. ඔහු 2018 වසරේ ස්වාධීන රූපවාහිණියේ අවුරුදු කුමරා තරඟයෙන් තෙවන ස්තානය දිනා ගෙන ඇති අතර නැවත 2019 වසරේ හිරු ටිවී නාලිකාවේ අවුරුදු කුමරා තරඟයෙන් ප්‍රථම ස්තානය දිනා ගත්තා. එම ජයග්‍රහණය නිසාම ඔහුට කලාවට මංපෙත් විවර උනා.

1.

2.

3.

 

මේ වන විට දෙවනි ඉනිමේ රදීෂ් කියන චරිතයෙන් ඔහු ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා. රදීෂ් කියන කඩවසම් තරුණයා කවුද කියලා තරුණියන් බෙහෙවින් සොයන්න උනා. ඔහු මේ වන විට රසික සිත් ආදරයෙන් වැළඳ ගත් දක්ෂ මෙන්ම ගොඩක් කඩවසම් කෙනෙක්. කලා ලෝකයට පෑයු තවත් එක් රිදී තරුවක් කියන්න පුලුවන්.රංගනයට මෙන්ම නිවේදනයටද දක්ෂ ඔහු ඉදිරියේදී කලා ලෝකයට විශිෂ්ට සේවයක් සිදු කරයි කියලා බලාපොරොත්තු විය හැකියි.

4.

5.

6.

ඔහු මේ වන විට අවුරුදු 26ක තරුණයෙක්. ඔහු උගත් තරුණයෙක් ලෙසඳ හැඳින්විය හැකි උපාධිදාරියෙක්. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගිය වසරේ විදුලු විද්‍යුත් උපාධිය අවසන් කර ඇති තරුණයෙක්. ඔහු එම අංශයෙන් රැකියාවක් සිදු කර ඇති නමුත් කාලය කළමනාකරණය පිළිබඳ ගැටළු නිසා රැකියාවෙන් ඉවත් වී ඇති අතර පසුව ඔහුට හා පවුලේ අය හට පවුල් ව්‍යාපාරයක් ඇති බැවින් ඒ සඳහා කාලය වැය කර ඇත. ඔහු විශ්වවිද්‍යාල සිසුවෙක් සිටි කාලයේ සිට උපකාරක පංති පැවැත්වූ ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔහු මේ වන විටද උපාකරක පංති පවත්වනු ලබන ගුරුවරයෙකු ලෙසද කටයුතු කරනවා. ඊට අමතරව කලා කටයුතු සඳහාත් රංගනයෙන් දායක වන දක්ෂ පුද්ගලයෙක් ලෙස හඳුන් වන්න පුලුවන්. පාසල් සමයේ සිටම කලාවට හා නිවේදනයට ඇලුම් දක්වා ඇත. ඔහු පාසල් සමයේ සහ විශ්ව විද්‍යාල සමයේ නිවේදන කටයුතු සඳහා සම්බන්ධ වී ඇත. ඔහුගේ ඉදිරි කටයුතු වලට සුභ පතන අතරම ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *