“තවමත් මගේ විසේ අඩුවෙලා නෑ” දඟකාර කටකාර නිලි ලෝචනා ඉමාෂි කියන කතාව

Beauty Gallery

මෑතකදී ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය දඟකාර මෙන්ම කටකාර බවින් හැමෝගෙම සිත් වසඟ කල ඇය නමින් ලෝචනා ඉමාෂියි. ඇය ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන කෙනෙක්. දඟකාර මෙන්ම කටකාර බවින් හැමෝගේම මුවඟට සිනහවක් එක් කළ ඇය හැමෝම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක්. නිරූපනය නිවේදනය හා රංගනයට එක සේ දක්ෂ වුන ඇය කාලයක් පුංචි තිරයේ නැතිවම බැරි චරිතයක් උනා. ඇය දක්ෂ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් ඇය නිතරම හාස්‍යජනක චරිත රඟ දැක්වීම මඟින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. සැම විටම මුවගේ සිනහවක් රඳවා ගත් හරිම කෙලිලොල් චරිතයක්. ඇය නිසා සිනහ උනේනැති කෙනෙක් නැති තරම්. ඒ තරම් ඇය සැබෑ ජිවිතයත් කෙලිලොල් සහ විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරා. ඇය විවාහයෙන් පසු කලා කටයුතුවල කාලයක් දක්නට ලැබුනේ නෑ. ඒ විවාහයෙන් පසු තම සැමියා සමඟ නේදර්ලන්තයට ගොස් සිටි නිසා. 2019 වසරේ කලා කටයුත්තක් සඳහා පැමිණි ඇය තවමත් ලංකාවේ කාලය ගත කරන්නේ කොරෝනා වසංගතය හමුවේ යාමට නොහැකිවයි. නැවත කලාකටයුතු තුළින් අප හමුවට පැමිණෙන ඇය තවමත් එදාසිටි දඟකාර කටකාර ලෝචනාමයි. එය පිළිබඳ ඇසු ප්‍රශ්නයකට “තවමත් මගේ විසේ අඩුවෙලා නෑ. මම කොහොමත් හිටියා වගේමයි. කිසිම අඩුවක් නැහැ. මම කොහොමත් හැමෝමත් එක්ක කතාබහා කරලා හිනාවෙලා ඉන්න චරිතයක්නේ. අනික කවුරුත් මාත් එක්ක කතා කරන්න දෙපාරක් හිතන්නේ නෑ.” යනුවෙන් මෙලෙස කියලා තිබනා. ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් පහතින් බලමු.

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *