අම්මා කියන විදිහට මට පුදුම දාංගලයක් තිබිලා තියෙනවා – සදනි

Beauty

සඳනි ප්‍රනාන්දුට ප්රේක්ශකයන් ගොඩක්. විශේෂයෙන්ම ඒ ඇගේ ලස්සන හැඩකාර පෙනුම නිසා. ඇය ගොඩක්ම මියුසික් වීඩියෝ වලිනුත් ජනප්‍රිය වුණා.ඒ වගේම මේ වෙනකොටනම් ඇය ටෙලිනාට්‍යය වලින් වගේම විවිධ වෙළඳ දැන්වීම් හරහාත් දැකගන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි සමාජ මාධ්‍ය තුළත් සඳනිගේ ඡායාරූපවලට ඉතා ප්‍රතිචාර හිමිවනවා. සඳනි තමන්ගේ රූපය වෙනුවෙන් ඇය ලොකු දේවල් කරන කෙනෙක් නෙමෙයි කියල තමයි ඇය නම් කියන්නෙ. ඇගේ ඒ රූපය රැකගන්න ඇය ව්‍යායාමනම් කරනවාලු.

ඉතින් ඒ ගැන ඇය කිව්වෙ මෙහෙමයි. අපේ පවුලෙ කලාවට සම්බන්ධ කිසිම කෙනෙක් නැහැ. පුංචි කාලේ අම්මා කියන විදිහට මට පුදුම දාංගලයක් තිබිලා තියෙනවා. ඒ වගේම මම රංගනය පැත්තට යොමුවෙනකොට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුනා ගොඩක් දෙනා මගෙන් අහනවා කලාව වෘත්තියක් කරගෙනද ඉන්නෙ කියලා. ලංකාවේ රංගන ශිල්පීන් අතරේ හොද තරගකාරීත්වයක් තියෙනවා. හරියට හිටියොත් තමයි හොඳ චරිත ලැබෙන්නෙ. ලැබෙන ඕනෑම චරිතයක්ම කරනවාටනම් නෙමේ නිළිය කියන්නේ. ගොඩක් අය මගෙන් අහනවා රඟපාලා ජීවත් වෙන්න පුලුවන්ද කියලා. මම නම් කියන්නේ ඔව් පුලුවන්.ඒ වගේම මම මොඩ්ලින් කරපු නිසා මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න මට සුදුසුකම් තියෙනවා. සරලව ඒ දේවල් විදගන්න තමයි මමනම් කැමති.ඇදුමක් ඇන්දත් සරල විදියට ඇඳගෙන යන්න මම හරිම කැමතියි.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *