නාඩගම්කාරයෝ ජානු සහ ජනිත වික්‍රමගේ දෙදෙනාගේ සුන්දර මංගල ඡායාරූප ඇතුලු ඡායාරූප පෙලක්

Beauty Life

දැන් වැඩිය රූපවාහිනිය හරහා දැකගන්නට නැතත්, අපි ගොඩක් දෙනා හොදින්ම හදුනන ගොඩක් දක්ශ වගේම ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි ජනිත වික්‍රමගේ කියල කියන්නේ. ඉතින් කලා පවුලකින් පැවතගෙන එන දක්ශ රංගන ශිල්පියෙක් වන ජනිතගේ දෙමව්පියන් වන්නේ ප්‍රවීන නළු නිලි දේපලක් වන ආනන්ද වික්‍රමගේ මහතා සහ මානෙල් වානගුරුගේ මහත්මියයි. මේ වෙනකොට ටෙලිනාට්‍ය වගේම සිනමාපට කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තිබෙන ජනිත නිවේදකයෙකු වශයෙන්ද ගොඩක් ප්‍රසිද්ධයි.

ඉතින් පසුගිය දවස් වල ඔහු ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වූයේ ආදරවන්තයන්ගේ දිනයේදී ජනිත මනාලයෙකු ලෙස සැරසිලා ඉන්න පින්තූර කිහිපයක් නිසායි. ඉතින් එම ඡායාරූප දැකපු ගොඩක් අය ඔහු යුග දිවියට පිවිසිලා කියලා හිතල තිබුන අතරම ඒ වෙනුවෙන් ඔහුට ගොඩක් රසික රසිකාවියන් සුබ පැතුම්ද එක්කොට තිබුණා. ඒ කොහොම වුනත් ජනිත ඇත්තටම විවාහ වුනේ නෑ කියල සහ ඒ ෆොටෝශූට් එකක් විතරයි කියල තමයි ජනිත පසුව අදහස් දක්වමින් කියල තිබුනේ. ඉතින් ජනිත් සමග මේ වෙඩින් ෆොටෝශූට් එකට පෙනී සිටපු සුරෑපිනිය තමයි පහුගිය කාලයේ රවණා ටෙලිනාටයේ මන්දෝදරී බිසවට රඟපාපු මදුෂානි පෙරේරා. එහෙමත් නැත්තන් මේ දිනවල විකාශය වන නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ ජානුගේ චරිතයට පණ පොවන්නේද ඇය විසිනුයි. ඒ වගේම මේ සුන්දර වෙඩින් ෆොටෝශූට් එක සිදුකරල තිබුනෙ අපේ රටේ ප්‍රවීන ඡායාරූප ශිල්පී ආයතනයක් වන V Creation Studio විසිනුයි. ඉතින් මේ සුන්දර කලාකරුවන් දෙපල විසින් සිදුකරපු ෆොටෝශූට් එකේ ඡායාරූප කිහිපයක් තමයි මේ

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *