නිල්වන් මුහුදු තීරේ ගීතයට වෙනසක් කල හෙක්ටර් ඩයස්ගේ පවුලේ ඡායාරුප පෙලක්

Gallery

නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුණු යායේ ගීතයේ අලුත්ම මුහුණු වරකින් නැවතත් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගන්න හැකිවුණු මේ ගායන ශිල්පියා නමින් ඔහු හෙක්ටර් ඩයස්. දැන් නම් ඔහු නලුවෙකුත් වෙලා.ඩෙස්මන් ද සිල්වා මහත්මයාගෙන් අවසර අරගෙන තමයි මේ කවර් එකක් විදියට මේ නිල්වන් මුහුදු තීරේ කියන සිංදුව කලේ. මිලියන 09කට අධික ප්‍රේක්ශක පිරිසක් මේ සින්දුව හා එකතු වෙලා තියෙනවා. ඉතින් හෙක්ටර් ඩයස් නම් කියන්නේ මෙහෙම කතාවක් , සමහර විට ඉස්සර වගේ රැවුල කපලා බබා වගේ හිටියනම් සින්දුව ජනප්‍රිය නොවෙන්න තිබුණා, මට අලුත් ටෙලිනාට්‍යය නොලැබෙන්නත් තිබුණා. මේ වසංගතය නිසාම තමයි මගේ රැවුල වැවුනේ. ඊට පස්සේ බිරිඳ ආසයි කිවුවා රැවුලට. එයා තමයි කිවුවේ රැවුල තියා ගමු නේද කියලා. ඉතින් ලැබුන ප්‍රතිචාරත් වෙනත් පැත්තකට ගියා ඊට පස්සේ. ඉස්සර මට ප්ලේ බෝයි කියලා කිවුවා. දැන් ෂුගර් ඩැඩී කියලා කියනවා. ඒ වගේම මගෙ මේ නව පෙනුම නිසාම චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා ටෙලිනාට්‍යයට මට ආරාධනා කලේ හිරුටීවී නාලිකාවෙන්. විරාජ් තමයි මට කතා කලේ. නිල්වන් මුහුදු තීරේ සින්දුව නිසා තමයි මට එයාලා කතා කලේ. මොකද මේ ඩ්‍රාමා එකට මේ වගේ චරිතයක් එයාලා හොය හොයා තමයි ඉදලා තියෙන්නේ.නමුත් මේ වෙද්දී නිෂ්පාදන කණ්ඩායම සතුටු වෙනවා. ඉදිරියේදී මට මේ ක්ෂේත්‍රයේදී ලැබෙන අත්දැකීම් එක්ක තව හොඳට කරන්න පුළුවන් වෙයි කියලා මම විස්වාස කරනවා. ඒවගේම තමයි දිවිතුරා ටෙලිනාට්‍ය හරහා මගේ අලුත් ගීත ගොඩක් එලියට එන්නත් තියනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ. ඉතින් මේ කළා ශිල්පියාගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *