කවුරුත් වැඩිය දැකල නැති ගයාත්‍රි ඩයස්ගේ දියණියත් සුන්දර මනාලියක් වෙයි

Beauty

ගයාත්‍රි ඩයස් කියන්නේ අපේ රටේ සිටින අතිදක්ෂ බොහොම සුන්දර වගේම ඉතාමත්ම නිහතමානි රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. විටෙක රංගන ශිල්පිනියක් ලෙසින් සේම තවත් වරෙක දක්ෂ නිවේදිකාවක් ලෙසත් ඒ වගේම දක්ශ රූපලාවන්ය ශිල්පිනියක් වශයෙන්ද ඇය කටයුතු කරනවා. ඒ වගේම ඇය ගායනයට මෙන්ම නර්තනයටත් දක්ෂතාවයක් දක්වන්නේ එකලෙසින්මයි. විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලබාගත් ඇය සැබවින්ම අති දක්ෂ කලා කාරිනියකි. දියණියන් දීනෙකුගේ මවක් වන ගයාත්‍රි ඩයස් මේ වන විට චන්න පෙරේරාගෙන් වෙන්ව කාලය ගත කරනවා. මව සහ පියාත් කලාවට සම්බන්ධ නිසාම දියණියන් දෙදෙනාද කෙදිනක හෝ මේ කලා ලොවට පා තබාවිද යන්න ප්‍රේක්ෂකයන් බලා සිටිනවා. ගයාත්‍රි ඩයස් කියන නම දැන් වැඩිපුරම ඇහෙන්නේ දකින්නේ ඇයගේ රූපලාවන්‍ය ගාරයෙන් තමයි. ගයාත්‍රි ඩයස් සැලෝන් කිවුවම දැන් නොදන්නා කෙනෙකු නැති තරම්. ගයාත්‍රිගේ වැඩිමහල් දියණියව ඇය විසින්ම සුන්දර මනාලියක් ලෙසින් හැඩගන්වා තිබුනා. ඒ පිළිබඳව බොහෝ දෙනා කතිකා කරා. ඉතාමත් සුන්දර දියණියගේ සුන්දරත්වය ලොවටම විදහා දක්වමින් දියණියව සොදුරු මනාලියක් ලෙස ඇය මෙලෙස හැඩ ගන්වා තිබුනා. එම අවස්ථාවේ ඡායාරුප කිහිපයක් සහ ගයාත්‍රිගේ දියනියගේ තවත් සුන්දර ඡායාරුප කිහිපයක් තමයි මේ.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *