දඩ කොලයක් ලබාදුන්න පොලිස් නිලදාරියාව විවාහ කරගත්ත ජනප්‍රිය නිලි නෙතු ප්‍රියංගිකා ගෙවන සුන්දර ජීවිතේ

Gallery

ලංකාවේ හැමෝම දන්නා නිලියක් තමයි නෙතු ප්‍රියංගිකා කියන්නේ. ඇය දැන් විවාහ වෙලා ඒ පොලිස් නිරදාරියෙක් සමග, හැබැයි මේ විවාහය ගොඩක් විශේෂයි මොකද, නෙතු ප්‍රියංගිකාට දඩ කොලයක් දීපු පොලිස් නිලධාරියා තමයි ටික කාලෙකට පස්සේ ඇයගේ ස්වාමි පුරුෂයා වෙන්නේ. ඒ සුන්දර කතාව නෙතූ අපිට කිවුවේ මෙහෙමයි.

දැනට අවුරුදු තුනකට වැඩි කාලයක් වෙනවා අපේ මේ සුන්දර ආදර කතාව පටන් අරගෙන. ඇත්තටම මම හීනේක්න්වත් හිතුවේ නැහැ අපේ ආදරේ විවාහයක් දක්වා දුර යයි කියලා. එයා ආරක්ෂක අංශයට සම්බන්ධ ‍පොලිස් නිලධාරියෙක්. නම නුවන් ජීවන්ත ගලප්පත්ති. මට එයාව මුණගැසුණේ නුවර එද්දී. මම දවසක් නුවර යනකෙට මාර්ග නීති කඩකරලා මගේ වාහනයට නුවන් දඩ කොළයක් දුන්නා. හැබැයි එතනදී එයා මම රංගන ශිල්පිනියක් කියලා අඳුනගෙන. ඒත් රංගන ශිල්පිනියක් කියලා එයා මගේ පැත්ත ගත්තේ නැහැ. ඒ වෙලාවේ අවංක ‍පොලිස් නිලධාරියෙක් විදිහට එයා නීතිය අකුරටම ක්‍රියාත්මක කරලා මට දඩ කොළයකුත් දුන්නා. ඒ වගේම ගොඩක් තදින් හිටියා. ටික දවසකට පස්සේ නුවන් මගේ ෆේස්බුක් එකට ‘Hi’ කියලා මැසේජ් එකක් එවලා තිබ්බා. මමත් ඇත්තටම බලාගෙන හිටියා කවදාහරි දවසක එයා මට කතා කරයි කියලා. දැන් ඉතින් මට ජීවිත කාලෙටම දඩ කොළේ ගෙවන්නයි සිද්ධ වෙලා තියෙන්නේ.
අපි අවුරුද්දක් විතර ආදරේ කරලා තමයි අපේ සම්බන්දය ගැන ගෙදරට කිවුවේ, පස්සේ අපිට ගෙවල් දෙකෙන්ම ආශීර්වාදේ ලැබුණා. ඉතින් ඔන්න ඔහොමයි අපි හැමෝම දන්නා නෙතුගේ ආදර කතාව පටන්ගෙන තියෙන්නේ. අපි හැමෝම ආදරේ කරන නෙතු නුවන් සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13)

14)

15)

16)

17)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *