මාධවයි සචිනියි එක්ක එකතු වෙලා හැමෝවම හිනස්සන පේශල සහ පූර්ණිකාගේ ආදරණීය කැදැල්ල

Gallery Life

පේශල කියන්නෙ අපේ රටේ ඉන්න අති දක්ශ නිවේදකයෙක් වගේම දක්ශ තබ්ලා වාදක ශිල්පියෙක්. තබ්ලාවට අමතරව තවත් සංගිත භාන්ඩ ගනනාවක්ම හැසිරවීමට පේශලට ඉතා හොද දැනුමක් තිබෙනවා. සංගීත භාන්ඩ වාදනය කිරීම පිලිබද හොදින් අද්‍යාපනය ලබා ඇති පේශල වැඩියෙන්ම ජනතාව අතර ප්‍රසිද්ද වෙලා තියෙන්නෙනම් නිවේදකයෙලු හැටියට කිව්වොත් නිවැරදී. ඒකට හේතුව වෙලා තියෙන්නෙ පේශල විසින් දෙරණ චැම්පියන් ස්ටාර්ස් වැඩසටහන නිවේදනය කිරීම කිව්වොත් හරියටම හරි. ඉතින් අපේ රටේ ගොඩක් දෙනා බලන මේ වැඩටසහනට පේශල විසින් ඔහුටම ආවේනික අමුතුම රසයක් එකතු කරනව කිව්වොත් නිවැරදී. ඉතින් මේ අපි කවුරුත් දන්න දක්ශ නිවේදන ශිල්පියා මෑතකදී පූර්නිකා සමග විවාහ වුනා කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ.

ඉතින් පේෂල ඔවුන්ගේ ආදර කතාව ගැන කිව්වේ මෙහෙම. ඔවුන්ගේ ආදර කතාවට දැන් දැන් අවුරුදු දෙකහමාරක් තුනක් විතර වෙනවාලු. මමයි පූර්ණියි එකම නාලිකාවක සේවය කරන නිසා මුලින්ම අපි හොඳ යාළුවෝ. අපේ යාළුකම කාලය ගෙවෙද්දී නොදැනුවත්වම ආදරයක් බවට පත්වුණා.ජීවිතේ මොන දේ කරන්නත් මිනිසුන්ට මානසික නිදහස කියලා දෙයක් තියෙන්න ඕනෙ. කොච්චර සල්ලි හම්බ කළත්, මොන දේ කළත් සතුටක්, සැනසීමක් හෝ හිතේ නිදහසක් නැත්නම් වැඩක් නැහැ. කොහොමත් මම ජීවත් වෙන විදිය පොඩ්ඩක් වෙනස්. මම යාළුවෙක් ආශ්‍රය කළත්, මොන දේ කළත් මම කවදාවත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නෑ. කසාද බඳිද්දීත් එහෙම තමයි. එතනින් මට ලැබෙන ලාභ ප්‍රයෝජනය මොකක්ද කියලා වැඩක් නැහැ එතන මානසික නිදහස තියනවද කියලා විතරයි බලන්නේ. ඒ වගේම තමයි මගේ මව්පියන් එක්ක හොඳින් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ.  ඉතින් පූර්ණිකා බිරිඳ කරගන්න හිතුවේ ඒ නිසයි ඇය හොඳ කාන්තාවක්. ඉතින් අපි හැමෝම කැමති මේ ආදරනීය යුවලගේ ඡායාරූප කිහිපයක් තමයි මේ

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *