මේ දවස්වල වැඩිය පේන්න නැති සුන්දර සමනලී ඉන්ද්‍රචාප සමග විවාහ වෙලා ගතකරන ජීවිතේ

Gallery Life

සමනලී ෆොන්සේක කියනකොට අපේ රටේ නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඒ තරමටම ප්‍රසිද්ද වගේම දක්ශ රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා කියල කියන්නේ. ඉතින් අපි හැමෝම ආදරේ කරන සමනලී ගැන පොඩි විස්තරයක් කරනවනම්, සමනලී උපත ලබන්නෙ 1981 වසරේ නොවම්බර් මාසයේ විසි තුන් වැනිදායි. ඉතින් ඇය ඇගේ ප්‍රාථමික අද්‍යාපන කටයුතු කැලනිය ශාන්ත පාවුල් බාලිකා පාසලෙන් ලබාගන්නා අතරම ඇය ද්විතියික අධ්‍යාපනය ලබාගන්නේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙනුයි. ඒ වගේම මේ වෙනකොට ඇය මේ වෙනකොට උපාධිදාරී රංගන ශිල්පිනියක්ද වනවා.

ගොඩක් දක්ශ රංගන ශිල්පිනියක් වන සමනලී මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ ජනප්‍රිය ගායක ඉන්ද්‍රචාපා ලියානගේ සමඟ බවනම් අපි හැමෝම දන්නා කරුණක්. ඉතින් ඒ වගේම ඉන්ද්‍රචාපා කියන්නේ අපේ රටේ සම්මානලාභී නලුවෙකු වන හේමසිරි ලියනගේගේ පුත්‍රයාද වෙනවා. ඊට අමතරව සමනලීගේ ආදරණීය නැන්දා කියන්නේ අපේ රටේ නිලි රැජින හෙවත් මාලනී ෆොන්සේකා බව අපි හැමෝම දන්නා කරුණක්. ඉතින් මේ වගේ කලා පවුලක උපත ලබලා කලාවට පිවිසුන ඇය සැබවින්ම දක්ෂ කලාකාරිනියක් කිවුවොත් නිවැරහී. රංගනයට අමතරව ගායනයටද ඉතා දක්ශ ඇයගේ ‘හාදුව‘ නම් ගීතයත් රසිකයන් අතරේ ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. ඉතින් ඒ වගේම රයිගම් සම්මාන උළලවල් වලදී හොඳම නිලියට හිමි සම්මානයද දිනා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියට ඇගේ වැඩකටයුතු සාර්තකව කරගෙනයන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනගමන්ම ඇගේ සුන්දර ඡායාරූප කිහිපයකුත් ඔබවෙත අරගෙන එන්න අපි හිතුවා.

1)

2)

3)

4)

5)

6)

7)

8)

9)

10)

11)

12)

13)

14)

15)

16)

17)

18)

19)

20)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *