“ආදරය හඳුනන පුද්ගලයෙක් මට මේ වෙනකන් හම්බෙලා නෑ.” තාමත් තනිකඩ සනෝජා බිබිලේ මහත්මිය කිව්ව කතාව

Beauty Gallery

වේදිකාවෙන් කලා ලෝකයට පැමිණි වේදිකා නාට්‍ය වලත් පුංචි තිරයේ ටෙලි නාට්‍ය වලත් සිනමාවේ චිත්‍ර පට වලත් රංගනයේ දායක වෙමින් කලාවේ මහත් වූ සේවයක් කල චරිත වලට කොටු නොවී විවිද චරිත රඟ දක්වමින් චරිතාංග නිළියක් ලෙස හඳුන්වා දිය හැකි ඇය නමින් ප්‍රවීණ රංගන ශිල්පිනි සනෝජා බිබිලෙයි.

1.

2.

3.

දශක දෙකකටත් අධික කාලයක් කලා නිර්මාණ බොහෝ ගණනකට තම රංගන දායකත්වය ලබා දෙමින් ක්ෂේත්‍රයේ මහත් වූ සේවාවක් කළ ඇය අදටද සේවයේ නියතු වනවා එමෙන්ම බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් ඇය නිහතමානී කෙනෙක්. ඇය සිනමා චිත්‍ර පට බොහෝ ගණනකට මෙන්ම ටෙලි නාට්‍ය බොහෝ ගණනකට රංගනයෙන් දායක වුවත් හැමෝටම මතක හිටින චරිතයක් ලෙස ඇය රංගනයෙන් දායක වූ නෝනා වරුනි මහත් වරුනි ටෙලි නාට්‍යයේ මාලිනන්දනී චරිතයට බොහෝ දෙනා ආදරය කරනු ලබනවා ඇයගේ එම හාස්‍ය රංගනය නිසා සිනහා නොවුනු කෙනෙක් නැති තරම්.

4.

5.

හැමෝගේම ආදරය දිනා ගත් මේ රංගන ශිල්පිනිය අදටද තනිකඩයි. ඇයගේ නිවුන් නැගණිය අසනීපෙන් ඉන්න කෙනෙක් බවත් ඇයවත් බලා ගන්න කැමති කෙනෙක් හා ආදරයට ගරු කරන කෙනෙක් ලැබුනොත් විවාහ වන බවයි පවසා තිබුනේ ඒ මෙලෙසයි. “මගේ නංගිවත් බලා ගන්න කැමති හොඳ කෙනෙක් කවදා හරි හමුවුනොත් ඒ ගැන සලකලා බලනවා. එයාව දේවත්වයෙන් සලකනවා. ආදරේ කියන අකුරු හතරට ගරු කරලා. ඒත් ආදරය හඳුනන ඒ වගේ පුද්ගලයෙක් මට මේ වෙනකන් හම්බෙලා නෑ.” කියලයි පවසා තිබුනේ. ඇයගේ ඉදිරි ජිවිතයටත් කලා කටයුතු වලටත් සුභ පැතුම් එක් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *