“ලංකාවෙ නිලියන් කොයිතරම් හොඳද කියලා හිතුනා” ජනප්‍රිය රංගන ශිල්පී යෂ් වීරසිංහ කිව්ව කතාව

Gallery

යෂ් වීරසිංහ කියන්නේ මේ වන විට බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගෙන ඉන්න රංගන ශිල්පියෙක්. රුවෙන් වගේම හඬෙනුත් ඔහුව නොහඳුනන කෙනෙක් නෑ මොකද ඔහු කලා ලෝකයට අවතීර්ණ වන්නේ හඬ කැවීම් ශිල්පියෙකු ලෙසයි. එසේ පැමිණි ඔහු අද වන විට දක්ෂ හඬ කැවීම් ශිල්පියෙක් වගේම දක්ෂ රංගන ශිල්පියෙක්ද වනවා.

1.

2.

3.

යෂ් වීරසිංහ නමින් හැඳින්වුවත් ඔහුගේ සැබෑ නම වන්නේ සචිත්‍ර යෂ්මින්ද වීරසිංහයි. 2015 වසරේ කලා ක්ෂෙව්ත්‍රයට පිවිසි ඔහු ජාතික රූපවාහිණි නාලිකාවේ හඬ පරීක්ෂනයකට යොමු වනවා. එතනින් ඔහු මාස ගාණක් හඬ කෑවිම් ශිල්පියෙකු ලෙස පුහුණු වීම් ලබන අතර පසුව ඔහු හඬ කැවීම් ශිල්පියකු ලෙස කලා ලොවට සේවයක් ඉටු කරනු ලබනවා. ඒ මිණි පහණ ඔබයි, හිමන්තරා, චන්ද්‍ර නන්දනි, මුතු අහුර ටෙලි නාට්‍යය ඇතුලු බොහෝ නාට්‍ය ගණනාවකටම හඬ කැවීම මඟින් සේවයක් ඉටු කලා.

4.

5.

ඒ වගේම ඔහුගේ හඬ කැවීමේ ශිල්පය තුල ඇති දක්ෂතාවයත් ඔහුටම ආවෙණික වූ කඩවසම් පෙනුම නිසාම ඔහුට රංගනය සඳහා වරම් ලැබෙනවා. ඔහුගේ පළමු රංගනය වන්නේ අත්තටු නෑ ඉගිලෙයි කියන කලා නිර්මාණයටයි. පසුව විවිද සිනමා චිත්‍ර පට වලටත් විවිද ටෙලි නාට්‍ය වලටත් රංගනයෙන් දායක වනු ලබනවා. චරිතාංග නළුවෙක් ලෙස කලා ලෝකයේ සාර්තක ගමනක් ගමන්කරනු ලබන ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. බොහෝ දෙනෙකුගේ සිහින කුමරා වූ ඔහු නිහතමානි කලා කරුවෙක්. ඔහු රුසියානු ජතික තරුනියක් සමඟද රංගනයෙන් දායක වූ අතර ඇය පිළිබඳ පැවසූවේ මෙවැනි දෙයක්. “එමී කියන්නේ රුසියානු ජාතික කාන්තාවක්. ඇය සමඟ වැඩ කිරීම හරිම අසිරූ වුනා. ඇගේ ප්‍රතම රංගනය මෙය. ඒ අයගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස්. සැහෙන ප්‍රශ්නත් උනා. මොකද ඇය හිතන පතන විදියත් වෙනස්. ඇය සමඟ රඟපාන විට ලංකාවෙ නිලියන් කොයිතරම් හොඳද කියලා හිතුනා” යනුවෙන් පවසා තිබුනා. ඔහුගේ ඉදිරි කලා කටයුතු සඳහාත් ඉදිරි ජිවිතයටත් සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *