ජනප්‍රිය නිලි දිනූෂා සිරිවර්ධන විවාහයෙන් පසු ගෙවන සැප ජිවීතේ

Beauty Gallery

අපේ කලා ලෝකයේ රංගන ශිල්පීන් හා රංගන ශිල්පිනියන් බොහොමයක් ඉන්නවා. ඒ අතරින් බොහෝ දෙනාගේ අවධානය හා ආදරය දිනා ගත් කෙනෙක් තමයි දිනූෂා සිරිවර්ධන කියන්නේ. කලා ලෝකයේ අහිංසකාවිය ලෙසත් ඇයව හඳුන්වනු ලබනවා. ඒ වගේම කාගෙත් ආදරය දිනා ගත් ඇය වැඩිය කලා කටයුතු වල දකින්න නෑ. නමුත් සමාජ මාධ්‍යජාලා තුළ නිතරම කැපී පෙනෙන චරිතයක් වන්නට ඇයට හැකි උනා.

1.

2.

3.

ඇය නිරූපිකාවක් ලෙස කලා ලෝකයට පිවිස ඇති අතර 2016 වසරේ මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ පැලඳ ඇත. ඉන් පසු ඇයට කලා ලෝකයට විවිද ආරාධනා ලැබී ඇති අතර මෑතකදී අයි ටී එන් නාලිකාව හරහා විකාශනය උන නෙතූ ටෙලි නාට්‍යයේ නෙතු යන ප්‍රධාන රංගනයෙන් දායක වූ අතර එම චරිතය අදටද තවමත් ගොඩක් ජනප්‍රියයි. එම චරිතය සඳහා ඇයට තවමත් ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගෙන් ප්‍රතිචාර ලැබෙන බවත් පවසා තිබුනා. ඒ ඇය එම චරිතයට කල සාදාරණත්වය නිසාමයි. ඇයටම ආවෙණික වූ සුන්දරත්වයක් හිමි ඇය බොහෝ දෙනෙකුගේ ආකර්ශනය දිනා ගනු ලැබූවා.

4.

ඇය විවාහ වී සිටින අතර මේ වන විට ඇය මවක්ද වනවා. ඇය විවාහ වී සිටින්නෙත් ක්ෂේත්‍රයේ සිටින දක්ෂ කැමරා ශිල්පියෙකු වන චාරුක දුෂ්‍යන්ත සමඟයි. ඇය විවාහ වූ පසු රංගනයෙන් තරමක් ඉවත් වූ බවක් දකින්න පුලුවන් නමුත් කලා ලෝකයෙන් සමුගෙන නම් නෑ. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතන අතර තව තවත් කලා ලෝකයේ දිගු ගමනක් හා සාර්තක ගමනක් යාමට ලැබේවායි සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *