හැමෝගේම ආදරය දිනා ගත් සූපවේදී දොන් ශර්මන් ඕස්ට්‍රේලියාවේ ගෙවන සැප ජිවීතේ

Gallery

ලාංකාවේ සිටි දක්ෂ සූපවේදියකු ලෙස හා ගායන ශිල්පියෙකු ලෙසත් කාගෙත් ආදරය දිනා ගත් හා සූපවේදී ශාස්ත්‍රය වෙනස්ම ආරයකට පවත්වා ගෙන ගිය දක්ෂ පුද්ගලයෙක් වන ඔහු නමින් දොන් ශර්මන් වේ. විවිද සූපවේදි වැඩ සටහන් ඉදිරිපත් කළ ඔහු බොහෝ රසික ආදරයක් දිනා ගනු ලැබූවේ සූපවේදියකු ලෙස පමණක්ම නොව දක්ෂ ගායන ශිල්පියකුද ලෙසයි.

1.

2.

තම සූපවේදී තනතුරින් උපරිම සේවයක් කළ ඔහු විනෝදාත්මක ලෙස තම වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබූවා. ඔහු කාලයක් මෙරට ගුවන් සේවයේ සූපවේදියකු ලෙස කටයුතු කළ අතර පසුව ඔහු එම තනතුරින් ඉවත්ව නිදහස් සූපවේදියකු ලෙස විවිද නාලිකාවල වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබූවා.

3.

4.

2014 වර්ශයේදී තම බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ මෙරටින් පිටව ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ එහි ස්ථීර පදිංචිය සඳහායි. ඔහුට පුතකු සහා දුවක් සිටින අතර දුව එරට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර පුතා තවමත් පාසල් යන සිසුවෙක්. මේ වන විට ඔහු සූපවේදියෙකුට එහා ගිය සූපවේදී ගුරුවරයෙකු ලෙස එරට ඇති පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගැන්වීම් කටයුතු වල නිරත වනු ලබනවා. ගුරුවරයෙකු ලෙස එහි රැකියාවේ නිරත වීමට පෙර එරටදී විවිද අවන්හල් වලද වසර කීපයක් සූපවේදියකු ලෙස කටයුතු කර ඇත. ඔහු තම විනෝදයක් ලෙස ගීත ගායනය කරන නිසාම ගීත ගායනයෙන්ද ඉවත් වී නැති බවත් නව ගීත කිහිපයක් නිර්මාණය වීමට ඇති බවත් පවසා තිබුනා. එමෙන්ම ඔහු වෙනත් රටක ජිවත් වුනද ලාංකිකයකු ලෙස වෙනත් රටක ලංකාව නියෝජනය කරමින් රැකියාවේ නිරත වීමට ලැබීම භාග්‍යක් කොට සලකනවා. ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සඳහා සුභ පතමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *