“මම මගේ වටිනාකම අවතක්සේරු කරන්න කැමති නෑ” රංගන ශිල්පී හේෂාන් මනුල කිව්ව කතාව

Gallery

නිරූපණ ක්ෂේත්‍රය හරහා කළා ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට දක්ෂ රංගන ශිල්පියෙක් ලෙස හා දක්ෂ නිරූපණ ශිල්පියෙක් ලෙස කාගෙත් ආදරය දිනාගනු ලැබූ කෙනෙක් තමයි හේෂාන් මනුල කියන්නේ. ඔහු රංගන ක්ෂේත්‍රයේ වැඩිය දකින්න නැතත් නිරූපණ ක්ෂේත්‍රය හරහා නිරන්තරයෙන් දැකිය හැකි කඩවසම් තරුණයෙක්.

1.

2.

3.

සෑම රංගන ශිල්පියෙක් ශිල්පිනියක්ම සිහින දකින රිදී තිරයට පෑයූ දක්ෂ තරුණ රංගන ශිල්පියෙක් තමා හේෂාන් කියන්නේ විශිෂ්ට කලා නිර්මාණ තුළින් රසිකයන් අතරට පැමිණ රසික ආදරය දිනාගනු ලැබූවා. විවිද ගීත රූප රචනා වලින්ද සිරි දළඳා ගමනය, යශෝධරා සිනමා චිත්‍ර පටි තුළින්ද රසික ආදරයක් දිනාගත් ඔහු පසුව කාලයක් කළා ක්ෂේත්‍රය තුළ දකින්න උනේ නෑ. නමුත් මෑතකදී නිර්මාණය වූ රේස් ටෙලි කතාව සඳහා රංගනයෙන් දායක වීමට ඔහු කැමති වී තිබෙනවා. එම ටෙලි කතාවේ ප්‍රාධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන ඔහු තම දක්ෂතාවයෙන් ඔහු නිර්මාණාත්මක කලා නිර්මාණයන් තුළින් පමණක් රංගනයෙන් දායක වන බවයි. පවසා තිබුනේ.

4.

5.

ඔහු රංගනයට වඩා නිරූපණයට වැඩි ඉඩක් යොමු කරන අතර රංගනයෙන් කලා ක්ෂේත්‍රය තුළ පෙනෙන්න නැත්තේ ඔහුගේ ඇති ගණන්කාර කමටද යන්න විමසු විට ඔහු දුන් පිළිතුරු මෙසේයි. “අනේ මේක මගේ ලොකු කමවත් ගණන් කාරකමවත් නෙවෙයි. ඕනම රැකියාවක් කරද්දි ඒ රැකියාව කරන කෙනාට වටිනාකමක් තියෙනවනේ. ඉතින් ගොඩක් අය ඒ වටිනාකම දන්නේ නෑ. මම මගේ වටිනාකම අවතක්සේරු කරන්න කැමති නෑ.” යනුවෙන් පාවසා තිබුනා. ඔහුගේ ඉදිරි කළා කටයුතු වලටත් ඔහුගේ ඉදිරි ජිවිතයටත් සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *