ජනප්‍රිය ගායිකා සුරේණි ද මෙල් මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty Gallery

කටකාර හා දඟකාර කමත් මිශ්‍ර වූ මෙන්ම දක්ෂතාවයෙන්ද පරිපූර්ණ වූ විශිෂ්ට ගායන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනා ගත් හා නර්තන ශිල්පිනියක් ලෙසද ජනප්‍රියත්වයට පත් වූ ඇය නමුන් සුරෙනි ද මෙල් වේ. ඇයගේ ගීත වේග රිද්මය හා මිශ්‍ර වූ නිසා ඇයගේ නර්තනයත් සමඟ ගීත විඩීයෝ ගොඩක් ජනප්‍රියත්වයට පත් වූවා මෙන්ම ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනස්ම කලාවකට නැඹුරු වූවා.

1.

2.

සංගීත කලාවේ ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි වූ ඇය බොහෝ රසික ආදරයක් මෙන්ම කලාවේ ස්තාවරත්වයත් කලාවේ හොඳ නමකුත් දිනා ගනු ලැබුවා. ඇයගේ ආඩම්බරයිනම් ගීතය හා ආදරෙයිනම් ගීත ඇතුලුව අනෙකුත් සියලුම ගීතද ජනප්‍රියත්වය එක සේ රඳවා ගත් ගීත වූවා. ගීත වසර ගණන් පැරණි වුවද නොමැකි යන ජනප්‍රියත්වයක් සතු කරගත් නිර්මාණශීලී ගීත ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. ඒ වගේම වසර ගණනාවක් නිහඩව සිටි ඇය එක වර ජනප්‍රියත්වයට පත් වීමට ඇයට සිදු වුනා මෙන්ම ඇයගේ නම ජාත්‍යන්තරය හමුවේ නැවත වතාවක් ජනප්‍රිය වූවා. ඒ ආඩම්බරයිනම් ගීතය නැවත වරක් එක වරම ටික් ටොක් ඇප් එක හරහා ජනප්‍රිය වීම් නිසයි. එය සිදු වුනේ අපේ රටේ නොව ඉන්දුනිසියානු ජාතිකයන් අතර වීමත් පුදුමයට කරුණක්. එය ඉන්දුනිසියාවේ සමාජ ශාලාවක වාදනය වූ නිසා එම ගීතය නැවත වරක් එක වරම කරලියට ආවා කිව්වොත් නිවැරදි. ඇයගේ වාසනාව මත සිදු වූ දෙයක් කියලා තමයි ඇයනම් පවසා තිබුනේ. කොහොම නමුත් අපේ රටේ නම නැවත වරක් ජාත්‍යන්තර ඉදිරියේ බැබලවීමට ඇයට හැකි වූවා.

3.

4.

ඇය මේ වන විට ආදර්ණීය මවක් හා ආදරණීය බිරිඳක් ලෙස කටයුතු කරන අතර. තම පවුල් ජිවිතය සාර්තකව ගත කරනු ලබන තවත් එක් දක්ෂ ගායිකාවක්. ඇයගේ ඉදිරි ජිවිතයට හා කලා කටයුතු සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *