රුවන්ති මංගලාගේ හා නාමල් උඩුගමගේ ගේ ආදරණීය සොඳුරු කැදැල්ල

Beauty

අපේ රටේ ගොඩක් ජනප්‍රිය වූ වගේම යුග කිහිපයක් වයස් බේදයකින් තොරව රසික හදවත් සොරා ගත් කෙනෙක් වගේම ආදරයෙන් වැළඳ ගත හැකි ගීත ගායනා කල කෙනෙක් තමයි නාමල් උඩුගම කියන්නේ. ඔහුට තවමත් ආදරය කරන බොහෝ රසික රසිකාවියන් පිරිසක් සිටිනවා. ඔහු විවාහ වුනේ කවුරුත් දැන හඳුනන රංගන ශිල්පිනියක් වූ රුවන්ති මංගලා සමඟයි. ඇයද අපේ රටේ කලා ක්ෂෙත්‍රයේ දිගු කාලයක් රැඳි සිටිමින් ක්ෂේත්‍රයේ සේවයක් කල දක්ෂ රංගන ශිල්පිනියක්.

1.

2.

3.

ඇය කාලයක් පුංචි තිරයේ නිතරම දකින්න ලැබුනු කෙනෙක්. පුංචි තිරයේ ටෙලි නාට්‍ය ගණනාවකටම රංගනයෙන් දායක වුනු ඇය පුංචි තිරයේ ආදරණීය අම්මා නමින්ද හඳුන්වන්න පුලුවන්. චරිත වලට කොටු වීමක් දකින්න ලැබුනද ඇය ගොඩක් දක්ෂ ‍රංගන ශිල්පිනියක්. තවමත් ගොඩක් ලස්සන දිනෙන් දින වයසට යන මිනිසුන් අතරේ දිනෙන් දින තරුණ වෙන ඇය බොහෝ දෙනාගේ සිත් සොරා ගත් කෙනෙක් මේ වන විට කලාවෙන් ඇයත් ඈත් වීමක් දකින්න පුලුවන්. ඇය ඒ පිළිබඳව පැවසුවෙව් මෙවැනි දෙයක්. “පසුගිය කාලයේ දේශපාලන හා සමාජ සේවා කටයුතු කළ නිසා ගොඩක් නිර්මාණ භාර අරගෙන කාර්ය බහුල නොවී ඉන්න උත්සහා කලා. සමාජ සේවා කටයුතු වලට විවිද වැඩ සටහන් වලට නිතර නිතර දුර බැහැර යන්න වෙනවා. එතකොට භාර අරගෙන තියෙන වැඩ වලට ඒ නිසා බාධා වනවා. ඒත් මම වැඩ නොකර හිටියේ නෑ. තෝරා බේරාගෙන වැඩ කලා.” යනුවෙන් පවසා තිබුනේ.

4.

5.

රුවන්තිට හා නාමල්ට දරුවන් දෙදෙනෙකු සිටිනවා. ඔවුන්ද තරුණ වියේ සිටින අතර කලාවට සම්බන්ධ වීමටනම් ඔවුන් කැමති නැති බවයි පවසා තිබුනේ. පුතානම් වෙනත් රැකියාවක නිරත වන ගමන් ඔහුගේ ගායන හැකියාවෙන් කලාවට සේවයක් සිදු කරන්න නියමිත බවත් පවසා තිබුනා. ඔවුන්ගේ ජිවිත වලට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *