“මගේ ජිවිතේට තවමත් ප්‍රේම කුරුල්ලෙක් නැහැ” සිතුමිණි ප්‍රනන්දු කියන කතාව

Beauty Gallery

මෑතක සිට කලා ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් බොහෝ බිහි වනු ලැබුවා. කලා ලෝකයට පිවිසෙන්න විවිද මාර්ග තිබුනත් මෑතක සිට විවිද රියලිටි තරඟ වලින් පැමිණෙන අයට රංගන ක්ෂෙත්‍රය සඳහා වරම් ලැබෙනවා. ඒත් අවුරුදු කුමාරි තරඟය ජයග්‍රහණය කිරීමට ප්‍රතම සිට ක්ෂේත්‍රයේ සිටි කෙනෙක් තමයි සිතුමිණි ප්‍රනාන්දු කියන්නේ. නමුත් අවුරුදු කුමාරි තරඟයෙන් පසු ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වූවා කිව්වොත් නිවැරදී. ඊට පසු පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහාද දායක වීමට ඇයට හැකි වනු ලැබුවා.

1.

2.

3.

ඇයගේ පවුලේ හය දෙනෙකුගෙන් සමන් විත වන බවත් එම පවුලේ වැඩිමහල් සොහොයුරිය ඇය බවත් පවසා තිබුනා. අම්මා තාත්තා හා සහෝදරයන් දෙදෙනෙකු හා සහෝදරියන් දෙදෙනෙකු ඒ අතර වනවා. ඇයගේ පියා ව්‍යාපාරිකයෙකු බවත් පවසා තිබුන අතර ඇය උසස් පෙළ හදාරා ඇත්තේ කලා අංශයෙනි. නමුත් උපාධිය හැදෑරීම සදහා පෞද්ගලික විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමණාකරන අංශයෙන් උපාධිය හදාරනු බවත් පවසා තිබුනා. අවුරුදු කුමාරි වීමට ප්‍රතම ඇය රිදී තිරයේ සිනමා චිත්‍ර පට දෙකක සුළු චරිත දෙකක් රංගනයෙන් දායක වී ඇත. ඒ විජයබා කොල්ලය හා යශෝධරා චිත්‍ර පට දෙකකයි. ඉන් පසුව විවිද වෙළඳ දැන්වීම් වලට පෙනී සිට ඇති අතර ඒ අතරින් කුමාරිකා දැන්වීම බොහෝ ජනප්‍රිය වූවේ ඇයගේ සුන්දර රුව නිසාමයි. පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහා වරම් හිමි වනු ලබන්නේ හිරු අවුරුදු කුමරිය වූ පසුවයි. ඇයගේ පළමු ටෙලි නාට්‍යය වන්නේ දෙරණ නාලිකාවේ ධරණි ටෙලි නාට්‍යයටයි. ධරණි ටෙලි නාට්‍යයේ රිතූ චරිතයට උපරිම සාදාරණයක් ඇයගේ දක්ෂ රංගනයෙන් සිදු කලා. ඇය මේ වන විට හිරු නාළිකාවේ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වනු ලබනවා එම ටෙලි නාට්‍ය තවමත් නිෂ්පාදනය වෙමින් පවතිනවා.

4.

5.

ඇය තවමත් ප්‍රේම වන්තියක් නොවන බවත් පවසා තිබුනා. “මගේ ජිවිතේට තවමත් ප්‍රේම කුරුල්ලෙක් නැහැ. අනාගතයේදී එනකම් බලන් ඉන්නවා.” කියලා පවසා තිබුනා. ඇයගේ එම හීනයත් ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරන අතරම ඇයග්ව්ව් ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *