නාඩගම්කාටයෝ ටෙලි නාට්‍යයේ නන්දනී නැන්දගේ දුව හෙවත් මදාරා සෙව්වන්දි ගැනයි මේ

Beauty Gallery

අපේ රටේ මේ වන විට ගොඩක් ජනප්‍රිය වගේම අංක එකේ ටෙලි නාට්‍ය බවට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය පත්ව තිබෙනවා. එම ටෙලි නාට්‍යයේ රංගනයෙන් දායක වනු ලබන රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ද ගොඩක් ජනප්‍රියයි. එම නාට්‍යය පටන් ගත් දවසේ සිට නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් කතාවේ විවිද චරිත හරහා එකතු වුනා. ඒ වගේ මේ දිනවල හැමෝම හොයන කෙනෙක් වගේම කතාවට අලුතින් එකතු වුන නන්දනී නැන්දගේ දුව කවුද කියන එක එම චරිතයට පණ පොවනු ලබන්නේ මධාරා සෙව්වන්දි යන නවක රංගන ශිල්පිනිය විසින් ඇය ගොඩක් දක්ෂ වගේම ගොඩක් සුන්දර කෙනෙක්.

1.

2.

3.

දකුණු පලාතෙන් බිහි වූ තවත් එක් දක්ෂ කලා කාරිණියක් තමයි ඇය. මුලික අධ්‍යාපයනය ගාල්ලේ රිපන් බාලිකා විද්‍යාලයෙන් හදාරා ඇති අතර ඇය විශේෂිත වූ කෙනෙක්. ඒ ඇය රංගනයට අමතරව පරිවාසයේ මනෝ උපදේශකවරියක් ලෙසත් සේවය කරනු ලබනවා. ඇයගේ පවුලේ 4 දෙනෙකුගෙන් සමන්විත වන බවත් අම්මා තාත්තා හා ඇයට එක් සහෝදරයෙකුත් සිටින බවයි පවසා තිබුනේ. ඇයගේ මල්ලි තවමත් පාසල් අධ්‍යාපනය හදාරනු ලබන අතර පියා ව්‍යාපාරිකයෙකු බවත් පවසා තිබුනා.

4.

5.

රංගන ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමකින් තමන් දුටු සිහිනය සැබෑවක් කර ගැනීමට කැප වී ඇති අතර ඇයගේ පළමු රංගනය වන්නේ ස්වර්ණවාහිනීයේම විකාශනය වූ කෝටිපතියෝ ටෙලි නාට්‍යයේයි. පසුව ඇයට නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයටද රංගනයෙන් පිවිසීමට අවස්තාව ලැබී ඇති අතර ඇය මේ දිනවල චලෝ නාට්‍යයේද රංගනයේ නිරත වනු ලබනවා. ඇයටම ආවෙණික වූ සුන්දරත්වයකට හිමි නිසාම ඇයගේ දක්ෂ රංගනයෙන්ද බොහෝ දෙනාගේ සිත් සොරා ගැනීමට ඇයට හැකියාව ලැබුනා. බොහෝ තරුණයන් පිරිසකගේ අලුත් ක්‍රශ් එක ඇය කිව්වොත් හරි. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *