‘අපි ගොඩක් සුන්දර සරල ජිවිතයක් ගත කරනවා’ සුලෝචනා වීරසිංහ කියන කතාව

Beauty Gallery

අපේ රටේ කාලෙන් කාලෙට දක්ෂ කලා තරු බිහි වනවා. වසර ගණනාවක සිට ක්ෂේත්‍රයේ රැඳි සිටිමින් කලා ලෝකයට සේවයක් කරන කෙනෙක් තමයි සුලෝචනා වීරසිංහ කියන්නේ. ඇය වේදිකාව, පුංචි තිරය හා රිදී තිරය යන මාධ්‍යයන් තුනේම දක්ෂ රංගනයෙන් කලා ලොවට සේවයක් ඉටු කරනවා. ඇය ගොඩක් දක්ෂ වගේම කලාව පිළිබඳ හැදැරිමක් ඇතිව කලාවේ නිරත වනු ලබනවා. ඇය විශිෂ්ට වූ හා කලාත්මක නිර්මාණයන් වලට පමණක් රංගනයෙන් දායක වන බව දකින්න පුලුවන්.

1.

2.

3.

සුලෝචනා ක්ෂේත්‍රයේ නිතරම දකින්න පුලුවන් කෙනෙක් නෙවෙයි. ඒ ඇය වෙනත් රැකියාවක නිරත වන ගමන් කලා ක්ෂේත්‍රයේ නිරත වන නිසයි. එම නිසා රැකියාවෙන් විරාමයක් ලැබුනු විට පමණක් කලා කටයුතු සඳහා නිරත වනු ලබනවා. ඇය මෑතකදී රංගනයේ දායක වුන තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යය ගොඩක් ජනප්‍රිය වූවා. එම නාට්‍යයෙ ප්‍රධාන චරිතය වූ දීප්තගේ අක්කාගෙ චරිතයට පණ පොවනු ලැබුවේ ඇයයි.

4.

5.

ඇය විවාහකයි. ඇය තම සැමියා ගැන පැවසුමේ මෙවැනි දෙයක්. “මගේ මහත්තයා චානක සංජීව ඔහු කැමරා අධ්‍යක්ෂකවරයෙක්. මේ කලා ක්ෂේත්‍රය නිසාමයි මට ඔහුව මුණ ගැහෙන්නේ. ඒ නිසා චානක සීයට සීයයක් මාව තේරුම් අරගෙන ඉන්නේ. මේ රංගනය වෙනුවෙන් ඔහු මට හුඟක් උදව් කරනවා.” කියලා තමයි ඇය පවසා තිබුනේ ඇයට චුටි දියණියක්ද සිටිනවා ඒ පුංචි සුරංගනාවිගේ නම තමයි මෞලි ආර්යා. “අපි ගොඩක් සුන්දර විදියට කාටවත් කරදරයක් නැතිව සරල ජිවිතයක් ගත කරනවා” යනුවෙන්ද පවසා තුබුනා. ඇයගේ ඉදිරි කලා කටයුතු වලට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *