ගොඩක්දෙනා ආදරේ කරන නිවේදිකා චානු දිසානායක ගෙවන සුපිරි ජිවීතේ

Beauty

නිවේදිකාවක ලෙස කාගෙත් ආදරය දිනා ගත් කෙනෙක් වගේම ක්ෂේත්‍රයේ සාර්තක ගමනක් පැමිණි කෙනෙක් තමයි චානු දිසානායක කියන්නේ. කුඩා කල සිටම කලාවට සම්බන්ධව කටයුතු කර ඇති අතර ඇය අද වන විට නිවේදන ක්ෂේත්‍රයේ නමක් දිනු හා සම්මානලාභී කෙනෙක්. පුවත් නිවේදිකාවක ලෙස හා සිරස ටිවී ආයතනය හා සම්බන්ධව විවිද වූ වැඩසටහන් වලට තම දක්ෂ නිවේදන හැකියාවෙන් සේවයක් සිදු කරනු ලබන ඇය ගොඩක් ලස්සන කෙනෙක්.

1.

2.

3.

මාතර සුජාතා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර ඇය සමාජ විද්‍යාව පිළිබඳ උපාධියකටද හිමිකම් කියනු ලබනවා. ඇය ප්‍රේක්ෂකයන් අතරට මුලින්ම පැමිණෙන්නේ සිරස ටිවී ආයතනය මඟින් සිදු කරනු ලැබු පෙන්ටතලන් වැඩ සටහන හරහායි. එසේ නිවේදන දිවිය ආරම්භ කල ඇය අද වන විට මුලු රටක් දැන හඳුනන දක්ෂ නිවේදන ශිල්පිනියක්. ඇය අද වන විට සිරස ටිවී ආයතනයේ පුවත් නිවේදිකාවක්ද වන අතර ඒ එෆ් ජෝන්ස් තේකොළ ආයතනයේ කළමනකාරිණියක ලෙසද කටයුතු කරනු ලබනවා. ඇයගේ සුන්දරත්වය නිසාම හා ඇයගේ ඇති දක්ෂතාවය නිසාම බොහෝ දෙනාගේ ආදරය දිනා ගනු ලැබුවා.

4.

5.

ඇය නිවේදිකාවක ලෙස මෙන්ම රංගන ශිල්පිනියක ලෙසත් පේක්ෂකයන් අතරට පැමිණියා. ඇය කුඩාකල සිටම නිවේදනයටත් රංගනයටත් දායක වී ඇති අතර නිවේදනය පිළිබඳවත් රංගනය පිලිබඳවත් වැඩි දුර හදාරා ඇති නිසා කැපිටල් මහා රාජා ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලැබූ යු ටර්න් සිනමා චිත්‍ර පටයට ඇයට රංගනයෙන් දායක වීමට අවස්තාව ලැබෙනවා. ඇයගේ දක්ෂ රංගන හැකියාවත් ඇයගේ ආදරණීය රසික රසිකාවියන් හට දැක බලා ගැනීමට හැකි වුනා. ඇය ඉදිරියේදී කලාත්මක චිත්‍ර පට නිර්මාණ වලින්ද කලා ලොවට සේවයක් සිදු කරනු ඇත. ඇයගේ ඉදිරි හිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *